අපි පොඩි දවස්වල සෙල්ලම් කරන්නටවත් ලඟ පාත ගෙවල් වලට යනවාට තාත්තා කැමති වූයේ නැත. යන්න තිබ්බ එකම තැන ලොකු අම්මාලාගේ ගෙදර එනම් අම්මාගේ මහගෙදර විතරය. ලොකු අම්මාට දරුවන් එකොලොස් දෙනෙකි . අපි ත් හතර පස් දෙනත් එකතු වු කල එකම කාලගෝට්ටියකි..ඒ හැමටම උන්දැ ඇමතුවේ පොඩ් දුව චූටි දුව ලොකු දුව කලු දුව සුදු පුතා වැනි එක එක විශේෂන කෑලි දමාය. අම්මාගේ නංගීවූ අපේ පුංචිත් අම්මාගේ මල්ලීවූ අපේ හීන් මාමත් සති අන්තයේ එන ලොකු තාත්තාත් එකතු වූ කල ඒ ගෙදර ලොකු පිරිසක් සිටියහ.
බොහෝ වෙලාවට අපි යන්නේ හැන්දෑවටය. සමහර දිනක ලොකු අම්මා කුස්සියේ තනියම කොස් ගෙඩියක් කපමින් සිටියි..පුංචි තවත් වැඩකය..ඒ වෙලාවට එයාලා කියනා කතා අහන්න ආසය..ඒ කුස්සිය මැද ලොකු ගල්පොත්තක් වලලා තිබුණේය.. ඉතිරිටික එය වටවෙන්නට ගොම මැටි ගා තිබුණේයබ.සමහර දිනක ඒ මැදට වී ගොඩක් හලා හතර පස් දෙනෙක් වටේට යමින් ඒවා කොටමින් සිටියේය..බලන්න ලස්සනය ..විසිරෙන වී රවුමට යන ගමන් කකුලෙන් ආයෙම ආයෙම ගල්පොත්ත මතට රොක් කරමින් කොටන්නේය..සමහර දිනක මටත් මේ වැඩේට ආසා හිතේන්නේය..පුංචිගේ මෝල්ගහ ඉල්ලාගන්නා මමද ඔවුන් සමඟ ඔවුන්ගේ තාලයට කොතකුත් කොටන්නට උත්සාහ දරා ඇත..එතනින් ගන්නා වී පොලා තවත් හොදට කෙටෙන්නට වංගෙඩියේ දමාද කොටයි. ඒ කුස්සියේ පැත්තක මහ පත වංගෙඩියක් ද බිමට සවි වෙන සේ ගෙබිම තුල ගිල්වා තිබුණේය..දෙන්නෙක් දෙපැත්තේ සිට එකම වංගෙඩියේ කෙටීම දෙමෝලෙන් කෙටීම ලෙස මා ඉගෙන ගත්තේද එහිදීය..මමත් එසේ දෙමෝලෙන්ද තනි මෝලෙන්ද කෙටීමට කල් ගත වෙනකොට ඉගෙනගත්තේය.
අදද ඒ ගෙදර තියෙන්නේ එදා මෝස්තරයටමය. උස පිලකින් යුතු ගෙයට නගින්නට පඩි හතරක් ඇත..මිදුලෙම පැතලි ගලක් අැත..මට හොඳටම මතක දෙයක් ඇත..රුක්මණීදේවියගේ මරණය ගැන මම ඇහුවේ මේ පඩි හතර පාමුල සිටය..පොඩි නිසා මට තේරුමක් නැතත් ලොකු අම්මා හා පුංචි කදුලු සලමින් මේ ගැන කතාවූ හැටි හිත තුල තවමත් ඇත.ඒ ඒ කාලේ අයගේ හැටිය.
එදා අද මෙන් ගමේ මෝලක් තිබුණේ නැත..අද නම් මොනවා හෝ අඹරන්න ඕන වුනොත් අරන් යන්නේ මෝලටය..එද බ්ලෙන්ඩර්..ගයින්ඩර් ද නැත..හැමදේටම කුරහන්ගල නැතිනම් මිරිස්ගලය..අම්මා මුං ඇට..කුරහන් බැදපු හාල් වගේ දේවල් අඹරන්නේ ලොකුඅම්මලාගේ කුරහන්ගලේ දමාය..ඒකත් ලේසි පාසු ගලක් නෙවේය..තනි එක්කෙනෙකුට ඇද කරකවන්නට බැරිය..අම්මගෙ සහයට යන අපි බැරි බැරි ගාතේ ගලට හයිකර ඇති පොල්ලේ එල්ලී එය කරකවන්නට යන විට එය ගැලවී යයි..අඹරනවාට වඩා අම්මා කරන්නේ පොල්ල ගලේ සවි කරනා එකය..අපි එදවස කියන්නේ ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ ලොකු අම්මා වැනිම බඩු කියාය..මොකද ලොකු අම්මාත් බොහෝ මහත දෙහෙත ඇති ගැහැණියක වූවාය. මම නම් කැමති යසෝ අක්කලාගේ පුංචි කුරහන් ගලටය.එය තනිවම කරකවන්නට පුලුවන..
සුජා අක්කා ලොකු අම්මාගේ පොඩි දුවය.දවසක් ගේ ඉස්සරහා අලිපේර ගහ යට අපේ අක්කලා මම සුජා අක්කා සමග තවත් කවුදෝ හිටියා මතකය..අලිපේර ගහේ එක අත්තක් ගෙඩිවලින් වැහී තිබුණාත් මතකය. ආන් අර අත්තේ තියෙන අලිපේර ගොඩ කියා සුජා අක්කා කීවා විතරය. එක්විටම ජරබරාස්ගා අත්ත කැඩී බිම වැටුනේය. වුනේ මොකක්දැයි හිතාගන්නට බැරිඑදා අපි ඇතිවෙනතුරු හිනා වුනේය..
අම්මාට කරගැනීමට අමාරු හැම වැඩකදීම ලොකු අම්මා අපේ ගෙදරය..දවසක් මා වඩාගෙන හැතැම්මක් පමණ පයින් ගොස් මට බෙහෙත් අරන් දුන්හැටිත්.එහි මඟ දිඟට පිපී තිබූ තම්බර්දියා මල් ඉල්ලා කන් කෙදිරි ගෑ තැන මෙල් පොකුරකුත් කඩා දුන් හැටිත් මතකය. කෙසේ හෝ මා විවාහ වී ගම්පහට ගොස් සිටින කාලයේ රෝගාතූරව සිටි ලොකු අම්මා මිය ගියාය. මගේ කුස තුල මා පුතු රැදී සිටි මුල් මාස කිහිපයේ තදින් මා ලඳ වෛද්‍ය උපදෙස් මත දුර ගමන් යෑමෙන් මා වලකාලීම නිසාම ලොකු අම්මාගේ මලඟමට මට ගමට එන්නට නොහැකිවිය..ඒත් තවමත් අප හිතුවිලිමත ජීවමානව නිතර සැරිසරන කෙනෙක් ලෙස ඒ මතක හැමදාමත් මා අවට සැරිසරන්නේය. ගල්පෙඩිල පෙල..වංගෙඩිය කුරහන්ගල..මහගෙදර ..අජීවි වස්තු තවම ත් නොනැසී ඉද්දී අප වටා උන් ලොකු අම්මා..ලොකු තාත්තා ..හීන් මමා...අපේ තාත්තා.වැනි සජීවි චරිත එකින් එක අපෙන් සමුගෙන ගියේ ලෝක ධර්මතාවයට හිස නමමිනි.
(ප්‍රියංකා නානායක්කාර )
හරිම ලස්සනයි මේ මතක අන්දරය. අකුරු තව ලොකු කරොත් කියවන්න ලේසි වෙයි. දිගටම ලියන්න. ඊමේල් ෆලෝවර් එකක් දැම්ම නම් ඔයා පෝස්ට් එකක් දාපු ගමන් අපිට ලින්ක් එක එනවා. ඒකට ට්‍රයි කරන්න. අපූරු රසවත් කතාවක්. ඔයාගෙ ඊමේල් බලන්න.
ReplyDeleteස්තූතියි..ඒ තරම් අගයක් දුන්නට..නම හුරුයි වගේ
Deleteඇඹරුම් ගලක මතකය මටත් තියෙනවා. අම්මෝ ඒ දවස්වල අපේ අත්වල දියපට්ටා එනවා ඒක කරකවලා.
ReplyDeleteInteresting post
එහෙම අත්දැකීමක් නැත්තම් වැඩක් නෑ..
Deleteදිය පට්ටෙ වගේද වටේට කදු වගේ ගොඩගැහෙන පිටි තට්ටුව දැක්කම..නේහ්
This comment has been removed by the author.
Deleteමේ ගැන මමත් ලියනවා... මට තියෙන්නේ ටිකක් වෙනස් අත්දැකීමක්
Deleteඒ අත්දැකීම් අහන්න මටත් ආසයි
Deleteතම්බර්දියා මල් කියන්නෙ මොනවද? කවදාවත් අහල නෑ
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Thunbergia
Deleteදම්පාට මලක්
Deleteවැල්යන මල් ජාතියක්.වද මලකට ටිකක් පොඩි පෙති පහේ දම්පාට මලක්.සුවදක් නෑ..කාලෙකට වැල වැහෙන්න මල් පිපෙනවා.අන්න එතකොට හරි ලස්සනයි
DeleteThanks Pra
Deleteඅදයි නම දැනගත්තෙ, මමත් ආසම මලක්
http://www.mytouristdestinations.info/2016/03/saradiel-village-and-theme-park.html
ReplyDeleteලගදිත් දැක්කා අඹරනවා...
ReplyDeleteලගදිත් දැක්කා අඹරනවා...
ReplyDelete