මතක අස්සේම මට මතක නැත්තේ එදවස මම කොයි තරම් ලොකුවට සිටියාද කියාය. ඒ මම පොඩි දවස කියානම් හොදහැටි මතකය..ඉස්සර සත දහයේ කාසිය තිබුනේ තඔ වලිනි..මට ඒ තඔ ශත දහයක් ගිලුණේය. සල්ලි කටේ දාගන්න එපායැයි අම්මාත් තාත්තාත් ඇති තරම් කියා ඇතත් අපේ තියෙනා කොහිබිනාකමටම එපා කියන දේම කරන්නට ඇත..මා කිසිවෙකුට කිව්වේ නැත..උගුරතුල සත දහය හිරවී රිදුම් දෙන්නට විය..අම්මාට කියන්නටද බය සිතුනි..ක්ෂනිකව පහලවූ හිතුවිල්ලකට අනුව මම ඇඳට නැග නිදාගන්නට උත්සාහ කලෙමි...මට නින්ද යන්නට ඇත..බොහෝ වෙලාවකට පසුව නින්දෙන් නැගිටින විට රෑ බෝ වෙලාය..උගුරේ වේදනාවද නැත..එදා ඒ ලොකුම මෝඩ වැඩක අවසන එසේ වූයේ පෙර පිනකට මගේ මගේ ජීවිතය බේරිලාය..ශත දහය උගුර තුල හිරවූ බව මම කිසිවෙකුට නොකියා නිදා ගත් මගේ ජීවිතය නින්දේදිම අවසන් වන්නටද තිබුණි..එය මා අම්මාට පැවසූවේ බොහෝ ලොකු මහත්වීමෙන් පසු දවසකය..එදා වත් අම්මා මට බැන්නේ නැත . ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියා මතකය..ඒ හිත දැවෙන්නට ඇත.
නොතේරුම් කල අපි අම්මාට හා තාත්තාට මහ ගොඩක් වද දුන්නා නොවේදැයි දැන් දැන් සිතෙන්නේය. නංගී ඉපදුනේ අපට බොහෝ පහුවීය..ඒ නිසාම අපේ දඟ වැඩවලට ඇයට එක්වෙන්නට බැරිවිය..මල්ලි එදවස පවුලේ කුඩාම සාමාජිකයාය. අයියා හැම වෙලාවෙම නිස්ශබ්දය...ලොකු අක්කා දවසක් කිව්වේ ඔළුවෙන් හිටගෙන වතුර බොනකොට බඩට යන්නේ නැති බවය.දැන් අපිට හරි කුතුහලයකි.මම පොඩි අක්කා හා චූටි අක්කා මෙය අත්හදාබලන්න හිතුවාය..හිත හිතා හිටියේ නැත...කටට වතුර එකක් පුරවා බිත්තියට හේත්තු වී ඔලුවෙන් හිටගෙන වතුරු ටික ගිල්ලාය.බාගයක් බඩටත් බාගයක් නහය දිගටත් ගියේය..කුහලය පලා ගියේය.
උයන පිහින රෙදි හෝදන අතුපතුගාන අම්මාගේ පපුව පිච්චී යන වැඩ වෙන්නේම අප අතින්මය.
තවත් දවසක ඉස්කෝලය ඇරී ආ පොඩි අක්කාත් චූටි අක්කාත් කෝටු කපන්නට කියා වත්තට ගියාය. මොහොතකින් චූටි අක්කා ඉකිගසමින් එන්නේ හිසෙන් ලේ පෙරමින්ය..පොඩි අක්කාගෙ අතින් චූටි අක්කාගෙ හිසට කෙටිලාය. අම්මා දෝතින් චූටි අක්කාගේ හිස බදාගත්තා මතකය.
මල්ලී නලවන්න තාත්තා සාරි රෙද්දක් යටලීයක බැද තොටිල්ලක් සාදා දී තිබුණි..රෙදිපටවල් දෙක ඈත් වෙන්නට කොට්ටයක් දමා අම්මා මල්ලී එතුල නිදි කරවන්නේ හෙමිහිට හොලවමිනි.
මටද මල්ලී නලවන්නට හිතුනාය..හිමිහිට පටන්ගත් නැලවිල්ල මල්ලි තොටිල්ල පිටින් බිත්තියේ වදිනතුරුම නැලෙව්වේය..එදානම් අම්මාගෙන් සැර ගුටියකුත් කෑවේය.
තාත්තා අක්කලා අයියා ඉස්කෝලේ ගිය පසු ගෙදර ඉතිරිවෙන්නේ මාත් අම්මාත් මල්ලිත් පමණි..තනියම සෙල්ලම් කරන්න වෙන්නේ එතකොටය..දවසක්දා හරිම අකරතැබ්බයක් විය..අම්මා සාදා දුන් කඩලගොටුවකට වැලි පුරවාගෙන අැදටම ගෙනවිත් උඩුබැලි අතට දිගාවී එහි හැඩබලන්නට විය.එක්වරම කඩදාසිය ලිහී මගේ ඇස් කට නහය පුරාම වැලි පිරුණේය..මගේ ඇස් පිරිසිදු කරන්නට අම්මා එදා පුදුමාකාර මහන්සියක් ගත් අතැ තාත්තා ඉස්කෝලේ ඇරී ගෙදර ආ විගස බයිසිකලයේ මා හිදුවාගෙන දොස්තර ගෙදර ගියේය.
අපි හයදෙනෙකුගේ හා පසුව ආ නංගීගේ ජීවිත රකින්නටත් පෝෂණය කරන්නටත් යාමේදී ඔවුන්ගේ හදවත් කොපමණ වරක් පිචචී යන්න ට...සැලී යන්නට, අසරණ වෙන්නට ඇද්දයි මට සිතෙන්නේ එහෙයිනි..මේ සිදුවුන මහගොඩාක් සිද්දිවලින් එකක් දෙකක් පමණය..හැම අම්මෙක් තාත්තෙක්ම මෙහෙමම වන්නට ඇත..අද තාත්තා නැතත් අම්මා නිවීහැනහිල්ලේ කාලය ගෙවමින් සිටී..විටක අපගේ කුඩාකල ගැන සිහි කරන්නේ හිනාපිරි මුවින්ය..එදවස කන්දක් තරම් ඉහිලූ දුක් දැන් ඔවුන්ගේත් ආදරණීය මතක වී හමාරය..
(ප්‍රියංකා නානායක්කාර )
දැන් අර ගිලුන සත 10ට මොකද වුනේ??? දැවෙන පස්න මේවා.......
ReplyDeleteඒක මටත් පුරස්නයක්..තවම හිතාගන්න බෑ..මොකද වුනේ කියලා
DeleteThis comment has been removed by the author.
Deleteඅපි හැමෝටම ළමා කාලයක් තිබුණි.එහි රස තැන් වගේම තිත්ත තැන් අඩුවක් නැතිව තිබුණි.ප්‍රියංකා නානායක්කාර මහත්මිය ලියා ඇති ඒ කුඩා කාලයේ අත්දැකීම් අපි ද අත්විඳ ඇත්තෙමු.මේ ඔබේ වගේම අපේ ළමා කාලයයි.ස්තුතියි තව ලියන්න.
ReplyDeleteමම ලිවීමට ආදුනිකයෙක් බව දැන දැනම මෙය රස වින්දාට ස්තූතියි
Deleteමටත් තියෙනවා ඔය ප්‍රශ්නේ..
ReplyDelete[මතක අස්සේම මට මතක නැත්තේ එදවස මම කොයි තරම් ලොකුවට සිටියාද කියාය.]
ඔක්කොම මතකයි.. මම එතකොට කොච්චර ලොකුවට හිටියද කියල මතක නැහැනේ!!
සමහර දේවල වටපිටාව මතකයි..සමහර තැන පුද්ගලයින් මතකයි...තවත් තැන මම විතරයි..වයස උස මහත විටෙක විතරයි මතක
Deleteඒ ඒ මතක අස්සෙන් ඉද හිට ඒක මතක් කරන්න උත්සාහයක් දරනවා වෙලාවකට
Deleteමමත් ගිලල තියනවා කාසියක්, මතක හැටියට සත 25..ඔබ ලියා ඇති විදිහට ඔබේ මව පියා ගැන අසීමිත වේදනාවක් සහ ආදරයක් දැනෙනවා.. දරාගන්න හැකි නිසාම දරාගන්න වීම් හැමතැනම
ReplyDeleteඇයි ඔබ ලියන්නේ නැත්තේ ?