අද වගේ නොව ඉස්සර මාර්තු මාසේ මැද හරිය එනකොටම අවුරුදු සිරි ඇගට දැනෙන්නේය. ගමේ ගෙවල අද වගේ පාට පාට බිත්ති තිබුණේ නැත. හැමෝම ගෑවේ සුදු හුණුය...ඒකත් ලේසි නැත.
කැද නිල් දමා හදාගන්නා තුරුම ලොකු කෙරුවාවක් කරන්නට ඇත.
නිතර දෙවේලේ කෑ මොර දෙන කොහා කුරුල්ලෝ හිටියෙත් ඉස්සරය. උන්ට ඔච්චම් කරන්නට ..උන් එක්ක තරගෙට කොහෝ කියන්නට කොල්ලො කුරුට්ටොද ඇති තරම් ගෙවල්වල හිටියේය.
අපිට අලුත් ඇදුම් මැහුවේ අම්මාය. අම්මාගෙ ඇුදුම් හරි හැඩය.. රෙදි ගන්නේ ගමේ සමූපකාරයෙන්ය. දවසක් මල්ලී හා පැටවු ඉන්නා රෙද්දකින් කමිසයක් මසා දෙන ලෙස කියමින් බිම පෙරලී ඇඩූ හැටි මට තාම මතකය.
ගම පුරාම තනි මෝලෙන් හා දෙමෝ
ලෙන් පිටි කොටන හඩ ඇහෙන්නෙ පාන්දර හිටය.උණ බට වෙඩි පිඹින්නට ගොස් කොල්ලෝ කැහි වාට්ටුවේ දැම්මා වගේය..දවසක් අයියා පොල් කට්ටක ගසා රතිඤ්ඤාවක් පත්තු කර තාත්තාගෙන් හොදහැටි බැනුම් ඇසුවේඒ පොල් කටුව උඩ යන හැටි බලන්නය...එකල කොල්ලන්ටත් තිබුණේ පුදුම ආසාවල්ය.
එපා වෙන්නේ කැවුම් කන්න එන කෝදුරුවන් මුහුණ වටේ කරකැවෙන එකටය. එහෙම කියන ලොකු අම්මා ඉස්සරවෙලාම බදින කැවුම් ගෙඩිය..කොදුරුවන්ට යැයි කියමින් පැත්තකින් තියයි.අපි කරන්නේ ඒක නූලකින් දර මැස්සෙ එල්ලන එකය.
එදා අවුරුදු ගැනනම් බොහෝ මතක ඇත. ඒවා අද වගේ ඇගට නොදැනි ගෙවී ගියේ නැත...වංගෙඩිය පැත්තක දා මෝලෙන් පිටි කොටාගෙන විත් පුරුද්දෙන් ගැලවෙන්න මෙන් අද උයන කැවුම් ගෙඩිය ද තව නොබෝ කලකින්ම ගැමි ගෙදරිනුත් එලියට බස යන්නටම යනවා ඇත.

ඉස්සර අවුරදු කාලෙට අපේ තාත්තා වත්තෙන්ම කපාගත් කෙහෙල් කැන් දෙක තුනක් වලක දමා දුම් ගසන්නේය. තාම මතකය...කැපූ වලේ අඩියට කාමරංගා හෝ බිලින් හෝ කැප්පෙටියා හෝ දමා ඒ උඩින් සීරුවට කෙහෙල් ඇවරි තැබුවේය .පොඩි කැනක් නම් ඇවරි නොගසාම තිබ්බේය. ඊට පසු ඊට උඩින් ආයෙමත් කොල අතු තට්ටුවක් දැම්මේය
ලෑලි වලින් හෝ ටකරමකින් වලෙහි කට වසා එක තැනකින් සිදුරක් ඉතුරු කර හොදට පස් දමා වල වසා දැම්මේය..ඉතුරු කරපු සිදුරට උදලුමිටේ් ගසා පොල් කටුවක් සිදුරු කර තබා එයට පොල් මුඩු පුරවන්නේය..අපිට වැඩ ඇති හරිය එන්නේ ඉන්පසුවය.තාත්තා අර පොල් කටුව තුල ඇති පොල් මුඩුවලට ගින්දර තබා ටික වෙලාවකින් නිවන්නේය..කොලපත් කැබැල්ලකින් හෝ කුල්ලෙන් හෝ් වල ඇතුලට යන විදිහට හුළං ගසන්නට පටන් ගන්නා විටම..අපේ රාජකාරිය වෙන්නේ..පස් ගොඩෙන් දුම් මතුවෙන තැන් හොයන එකය..එක තැනක් හෝ දුටුවහොත් ඊට වඩා සන්තෝසයක් නැත..ඉක්මනටම පස් ටිකක් එතනට දමා තද කරන්නේය..දවස් හතර පහකින් තාත්තා ආයෙම සීරුවට වල අරින්නේය. බලන්න ලස්සනය..කම කහපාට මල් පිපුණා වගේය..තාත්තා වලෙන් ගොඩ තියෙන කෙහෙල් අැවරි සීරු මාරුවට අපි ගෙනහින් කුස්සියෙන් තබන්නෙමු..ඇවරි නොකැපු කෙහෙල් කැන ගෙන එන තාත්තා එය කස්සියේ කොණකට වෙන්න වහලයේ එල්ලන්නෙය,
ඉතිං අවුරුදු සුවද ගේ පුරා ඉතිරෙන්නේ තනිවම හැමූ කැවුම් සුවඳට කෙසෙල් සුවඳ ත් එකතු වූ පසුවය.
(ප්‍රියංකා නානායක්කාර )
Add follower gadget fot site
ReplyDeletesettings>layout>add a gadget>more gadget>followers
ස්තුතියි ඔබට ...එසේ කරන්නම් .තවම බ්ලොග් අධ්‍යයනය කරනවා
Deleteඔබ අපේ මතක සුවඳ ආවර්ජනය කරනවා. හුඟක් පිං.
ReplyDeleteහැකිනම් මොබයිල් වර්ෂන් එකත් එකතුකරන්න.
ආ ඉන්නවා නෙහ් ..
Deleteබොහොම ස්තුතියි ...
Deleteනියමයි..ඔය තියෙන්නෙ අපූරු වැඩක්..
ReplyDeleteබොහොම පුංචියට පටන් ගත්ත දෙයක්
Deleteහම්මට.. කියවන්න බ්ලොග් නැතුව හිටියේ.. ටැංකියු නෝනේ මේවා දිගටම ලියන්න..
ReplyDeleteසිංදුවෝ.. හැබෑට කොහොමද බන් හොයාගත්තේ මේ මැණිකේව?
වත් පොතෙන්
Deleteමතක තියෙනතාක් ලියමු
Delete